Friday, January 12, 2018

සිංහරාජයෙන් ලැබෙන ආහාර 2

කුළුබඩු වර්ග 


එනසාල්

          දිය සීරා සහිත තෙත බිම් ප්‍රදේශ වල පඳුරු වශයෙන් ගණව වැඩෙන ශාක වර්ගයකි. අඩි හයකට වඩා උසට ශාක වැඩෙයි. මල් දිගු රෑනක් ලෙස හට ගෙන පසුව එයින් ඵලදාව හටගනියි. කරදමුංගු හැඩයට සමාන වුවද එයට වඩා විශාල වේ. කරල් රෑනක් ලෙස ඵල ගනියි.




ගොරක

          රත් ගොරක හා එල ගොරක (කහ පැහැති) යන ගොරක දෙවර්ගයම සිංහරාජයේ ඇත. අවට ජනතාව ගොරක සෑදෙන කාලයේදී ගොරක තමාගේ පරිභෝජනයට මෙන්ම අළෙවි කිරීම උදෙසාද නෙලා ගනු ලබයි.



වල් කුරුඳු

          ගෘහාශ්‍රිතව වගා කරනු ලබන කුරුඳු වලට වඩා ඉතා විශාල ශාකයකි.



වල් ගම්මිරිස්

          ගම්මිරිස් වගා කිරීමට ප්‍රථම බොහෝ දෙනෙකු භාවිතා කරනු ලැබුවේ වල් ගම්මිරිස්ය. මෙහෙ පැහැය සාමාන්‍ය ගම්මිරිස් වලට වඩා මදක් වෙනස්ය. රසය ද මදක් වෙනස් වන අතර තිත්ත රසයක් ඇත.





No comments:

Post a Comment

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...