Showing posts with label සිංහරාජය ආශ්‍රිත සංචාරක ස්ථාන. Show all posts
Showing posts with label සිංහරාජය ආශ්‍රිත සංචාරක ස්ථාන. Show all posts

Thursday, February 8, 2018

ගල් ඔරුව


                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේගයෙන් ගලා යන්නා වූ දිය දහරකි. ගල් ඔරුවක හැඩය නිසා එම ඇල්ලට ගල් ඔරුව යන නාමය ලැබී ඇත. විටෙක නැරබීමට බිය උපදවන සුළු දසුනක් වුවද එය සංචාරක ආකර්ෂණය නොඅඩුව ලැබෙනා ස්ථානයකි.


Monday, February 5, 2018

දුවිලි ඇල්ල


                 තට්ටු ඇල්ලට ඉහළින් පිහිටා ඇති මෙය ඉතාමත් ආකර්ෂණීය දියඇල්ලකි. දිය ඇල්ල වැටෙන ස්ථානයේ පිහිටා ඇති ජල තටාකය වර්ෂාව අඩු කාලයේදී  සංචාරකයන්ට නෑමට සුදුසු ස්ථානයකි. හාත්පස සිසිල් කරමින් විසිරෙනා දුහුවිලි බඳු ජල බිංදු නිසා මෙම ඇල්ලට දුවිලි ඇල්ල යන නාමය ලැබී ඇත.


Friday, February 2, 2018

තට්ටු ඇල්ල


                බ්‍රාහ්මණ ඇල්ලට ඉහළින් පිහිටා ඇති මෙම දිය ඇල්ල තට්ටු කිහිපයකට පිහිටා ඇති නිසා මෙය තට්ටු ඇල්ල ලෙස හඳුන්වයි. පායනා කාලයට මෙම දිය ඇල්ලේ සුන්දරත්වය මදක් හීන වුවද වැසි සමයට ඉතාමත් දර්ශනීය සුන්දරත්වයක් පෙන්වයි.



Wednesday, January 31, 2018

බ්‍රාහ්මණ ඇල්ල


          ලංකාගම ග්‍රාමයේ හැරියාව දොළ ආශ්‍රිතව දිය ඇලි පහක් දැකගත හැකිය. ඉන් ප්‍රථමයෙන් දැකගත හැකි වන්නේ බ්‍රාහ්මණ ඇල්ලයි. මෙම දිය ඇල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳව රසවත් කතාවක් ඇත.

          ගිංගඟෙහි නිධන්ගල්පොත්ත නම් ස්ථානයේ නිධානයක් ඇතිබව නිධන්වඳුලකින් දැන ගත් ඉන්දියාවේ බ්‍රාහ්මණයෙකු එම නිධානය ලබා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණ ඇත. එම නිධානය ලබා ගැනීම සඳහා තුන්කුළුඳුල් බිල්ලක් අවශ්‍ය වූ බැවින් එම ප්‍රදේශයේම සුදුසු තරුණියක් හා විවාහ වූ බ්‍රාහ්මණයාට එම විවාහයෙන් පිරිමි ළමයෙකු ලැබී ඇත. කුඩා අවධියේ සිටම දරුවාට පිහිනීමට ඉගැන්වූ බ්‍රාහ්මණය සුදුසු කාලය පැමිණි විට දරුවාද සමඟ නිධානය ගැනීමට උත්සහ කර ඇත. නිධන් ගල්පොත්තේ සිට බ්‍රාහ්මණයා විසින් පුදපුජා පවත්වන විට රන්පුහුල දියෙන් මතු වූ අතර පිහිනා ගොස් රන්පුහුල කඩාගෙන ආ දරුවාගේ හිස කපා දමා බිලි පුජාව අවසන් කර ඇත. පසුව රන් පුහුලද රැගෙන එවකට සිංහරාජය ආශ්‍රිතව තිබු මුකුණන නම් ග්‍රාමයට පැමිණි බ්‍රාහ්මණයා එහි නිවසක නවාතැන් ගෙන ඇත. මෙම බ්‍රාහ්මණයා ළඟ වටිනා යමක් ඇතැයි සැක කළ නිවැසියා බ්‍රාහ්මණයා මරා ඇල්ලෙන් පහළට දමා රන්පුහුල ගත් බව මෙම ජනප්‍රවාද වල කියවේ.

          මෙම අතිඅලංකාර දිය ඇල්ලට බ්‍රාහ්මණ ඇල්ල යන නම ලැබී ඇත්තේ මෙම ජනප්‍රවාදය පදනම් කොටගෙනය.

දියඇලි


            ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් සිංහරාජයට ඇතුළුවන මාර්ගයේ නෙළුව සිට 10km පමණ දුරක් වනාන්තරය දෙසට ගමන් කරනා විට ලංකාගම ග්‍රාමය හමුවේ. දෙණියාය හරහා පල්ලේගම මාර්ගයෙන්ද මෙම ගම්මානයට ප්‍රවේශ විය හැකිය. වර්තමානය වන විට එය දේශීය මෙන්ම විදේශිකයන්ගේද ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් වී ඇත. මෙම ප්‍රදේශයේ දී වනාන්තරය මෙන්ම සතුන් හා සුන්දර දියඇලි නැරඹීමට මෙන්ම ගිං ගඟෙහි සුන්දරත්වය විඳින්නට ද වාර්ෂිකව විශාල සංචාරක ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට ඇඳී එයි. අද වනවිට මෙම ගම ඇසුරේ සංචාරක නවාතැන් කිහිපයක් ආරම්භ කර ඇති අතර වනසංරක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් පිහිටුවා ඇති කඳවුරක්ද ඇත. එහෙයින් සංචාරකයන් හා පර්යේෂකයන්ට දින කිහිපයක් වුවද නවාතැන් ගැනීමේ හැකියාව ලැබීම මෙහි සංචාරක කටයුතු වර්ධනය වීමට හේතු වී ඇත.


ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...