Showing posts with label සිංහරාජයේ සතුන් හා ශාක. Show all posts
Showing posts with label සිංහරාජයේ සතුන් හා ශාක. Show all posts

Tuesday, January 30, 2018

සුදු වඳුරා


          2010 වසරේදී පමණ නෙලුව ලංකාගම හා වතුගල ප්‍රදේශවල ජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව වනජීවී සංරක්ෂණ සංගමය කරන ලද පර්යේෂණ මඟින් මෙම වඳුරා පිළිබඳ තොරතුරු අනාවරණය කරගනු ලැබුණු . සිංහරාජයෙන් හමුවන මෙම සුදු වඳුරා වෙනම වඳුරු විශේෂයක් නොවන අතර ඇලි බවට පත් වූ විශේෂයක් ද නොවෙයි .මොවුන් දකුණු කලු වඳුරාගේම සුදු ප්‍රභේදයක් වන බව පර්යේෂකයන් දක්වයි. මොවුන් විශේෂයෙන් දැක ගත හැකි වන්නේ සිංහරාජය ආශ්‍රිතවය.


Sunday, January 28, 2018

බාඳුරා



          සතුන් ආහාරයට ගන්නා මාංශ භක්ෂක ශාකයක් වන බාඳුරා ලංකාවේ සිංහරාජය තුළින්  මෙන්ම වෙනත් ප්‍රදේශ වලින්ද හමු වේ. සෙවණ සහිත තෙත් බිම් වල මෙම බාඳුරා වැලක් ලෙස වර්ධනය වේ. රතු හා කොල පැහැති බාඳුරා වර්ග දෙකක් වේ. සතුන් ගොදුරු කර ගැනීම සඳහා විශේෂයෙන් සකස් වූ කෙණ්ඩියක් වැනි කොටසක් දැකගත හැකිය. බාඳුරා මල ලෙස හදුන්වන්නේ එම කෙණ්ඩියයි. කෙණ්ඩියට ලංවන කුඩා කෘමීන් එය තුළට ලිස්සා වැටෙන අතර ඉන් පිටතට ඒමට නොහැකි වේ. මල තුළ ඇති ද්‍රාවණය තුළ ගිලී මිය යන සතුන් ශාකයට ආහාරයක් වේ. සමහරුන් ප්‍රකාශ කරන ආකාරයට කෙණ්ඩිය විවර නොවූ බාඳුරා මල්වල ඇති යුෂ ඖෂධයක් ලෙස භාවිතා කරයි.
     


ලංකා කැහිබෙල්ලා


          ලංකා කැහිබෙල්ලා ලංකාවට ආවේණික පක්ෂියෙකි. වර්තමානය වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. දීප්තිමත් තැඹිලි පැහැති හොට සහ නිල් හා දුඹුරු මිශ්‍ර ශරීරය මෙම පක්ෂියාගේ අලංකාරය තවත් වර්ධනය කරයි. සිංහරාජය ආශ්‍රිතව මෙන්ම කඳුකර ප්‍රදේශවලද මෙම පක්ෂියා දැක ගත හැකිය. කෝටු භාවිතා කර තනා ගනු ලබන කූඩු වල සුදු හා දුඹුරු පැහැති බිත්තර දමයි.


ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...