Sunday, January 28, 2018

බාඳුරා



          සතුන් ආහාරයට ගන්නා මාංශ භක්ෂක ශාකයක් වන බාඳුරා ලංකාවේ සිංහරාජය තුළින්  මෙන්ම වෙනත් ප්‍රදේශ වලින්ද හමු වේ. සෙවණ සහිත තෙත් බිම් වල මෙම බාඳුරා වැලක් ලෙස වර්ධනය වේ. රතු හා කොල පැහැති බාඳුරා වර්ග දෙකක් වේ. සතුන් ගොදුරු කර ගැනීම සඳහා විශේෂයෙන් සකස් වූ කෙණ්ඩියක් වැනි කොටසක් දැකගත හැකිය. බාඳුරා මල ලෙස හදුන්වන්නේ එම කෙණ්ඩියයි. කෙණ්ඩියට ලංවන කුඩා කෘමීන් එය තුළට ලිස්සා වැටෙන අතර ඉන් පිටතට ඒමට නොහැකි වේ. මල තුළ ඇති ද්‍රාවණය තුළ ගිලී මිය යන සතුන් ශාකයට ආහාරයක් වේ. සමහරුන් ප්‍රකාශ කරන ආකාරයට කෙණ්ඩිය විවර නොවූ බාඳුරා මල්වල ඇති යුෂ ඖෂධයක් ලෙස භාවිතා කරයි.
     


No comments:

Post a Comment

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...