Showing posts with label සිංහරාජය ආශ්‍රිත කතා. Show all posts
Showing posts with label සිංහරාජය ආශ්‍රිත කතා. Show all posts

Wednesday, January 31, 2018

සිංහරාජයේ සිටි අලියා


              දිනෙන් දින ලංකාවෙහි විවිධ ප්‍රදේශ වලින් අලි ඇතුන් මරා දැමීම පිලිබඳ  සිඳුවීම් අසන්නට ලැබෙයි. එසේම අලි ඇතුන් හා මිනිසුන් අතර ගැටුම් නිරතුරුව ඇති වේ. සිංහරාජයේ අලින් කිහිප දෙනෙකු වර්තමානයේ ද වාසය කරන අතර මිනිසුන් සමඟ ගැටීම්  පිළිබඳව තොරතුරු වාර්තා වේ.
80 දශකයේදී පමණ තනි අලියෙකු සිංහරාජයේ සැරිසරනු ලැබූ බව සිංහරාජය අවට ගම්මානවල බොහෝ දෙනෙකු පවසයි. තනි අලියෙකු වුවද කිසිම මිනිසෙකුට කරදයක් එම අලියාගෙන් සිදු නොවූ බව ඔවුන් පවසයි. වනාන්තරය තුළ මෙන්ම වනය ආශ්‍රිත මාර්ග වල මෙන්ම ගම්මාන වලද මෙම අලියා නිරතුරුව සැරිසරා ඇත. පසු කාලීනව එම අලියා මිනිසුන් විසින් දොඹගොඩ යනුවෙන් හදුන්වන ප්‍රදේශයේදී මරා දමා තිබු බවත් ඔවුන් පවසයි.

Tuesday, January 16, 2018

සිංහරාජයේ නම සෑදුණු ආකාරය

          ශ්‍රී ලංකාවේ වනාන්තර අතරින් සිංහරාජයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සිංහරාජය දකුණු හා සබරගමු පළාත් ආශ්‍රිතව පිහිටා ඇත.  සිංහරාජයට නම ලැබුණු ආකාරය පිළිබඳව සිංහරාජය අවට වාසය කරන ජනතාව අතර ජනප්‍රවාද කිහිපයක්ම ඇත.

          සිංහරාජයට එහි ආධිපත්‍ය පතුරුවාගෙන සිටි සිංහරාජයෙකු නිසා එම නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. දකුණු පළාතේ ලංකාගම සිට කුකුළුකෝරළය දක්වා වනාන්තරය හරහා ඇති මාර්ගයෙහි ගමන්කරන විට එම සිංහයා වාසය කරනු ලැබූ බව දැක්වෙන ගල්ගුහාවක් හමු වේ. මෙම සිංහයා නිසාවෙන් වනාන්තරයේ සැරිසරන්නන් හට මෙන්ම අවට ගම්මාන වල ජනතාවටද නොයෙක් කරදර වලට මුහුණ පෑමට සිදු විය. මෙම කරදරය හේතුවෙන් මිනිසුන් විදින පීඩාවෙන් ඔවුන් ගලවා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ ලංකාගම ග්‍රාමයේ විසු තරුණයෙකුය. එම තරුණයා විසින් ගල් වලින් පහර දී සිංහරාජයා මරා දමා ගම්වැසියන් බේරා ගත් බව ජනප්‍රවාදයේ පැමිණේ. තරුණයා විසින් සිංහයා මරා දැමීම උදෙසා රැස් කළ ගල් “ යෝධ ගල්ගොඩ” නම් ස්ථානයේ අදටත් දක්නට ලැබෙයි.

          මෙම සිදුවීම මුල් කොටගෙන සිංහරාජයට නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි.


ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...