සිංහරාජයට එහි ආධිපත්‍ය පතුරුවාගෙන සිටි සිංහරාජයෙකු නිසා එම නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. දකුණු පළාතේ ලංකාගම සිට කුකුළුකෝරළය දක්වා වනාන්තරය හරහා ඇති මාර්ගයෙහි ගමන්කරන විට එම සිංහයා වාසය කරනු ලැබූ බව දැක්වෙන ගල්ගුහාවක් හමු වේ. මෙම සිංහයා නිසාවෙන් වනාන්තරයේ සැරිසරන්නන් හට මෙන්ම අවට ගම්මාන වල ජනතාවටද නොයෙක් කරදර වලට මුහුණ පෑමට සිදු විය. මෙම කරදරය හේතුවෙන් මිනිසුන් විදින පීඩාවෙන් ඔවුන් ගලවා ගැනීමට ඉදිරිපත් වී ඇත්තේ ලංකාගම ග්‍රාමයේ විසු තරුණයෙකුය. එම තරුණයා විසින් ගල් වලින් පහර දී සිංහරාජයා මරා දමා ගම්වැසියන් බේරා ගත් බව ජනප්‍රවාදයේ පැමිණේ. තරුණයා විසින් සිංහයා මරා දැමීම උදෙසා රැස් කළ ගල් “ යෝධ ගල්ගොඩ” නම් ස්ථානයේ අදටත් දක්නට ලැබෙයි.
මෙම සිදුවීම මුල් කොටගෙන සිංහරාජයට නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි.
No comments:
Post a Comment