දිනෙන් දින ලංකාවෙහි විවිධ ප්‍රදේශ වලින් අලි ඇතුන් මරා දැමීම පිලිබඳ සිඳුවීම් අසන්නට ලැබෙයි. එසේම අලි ඇතුන් හා මිනිසුන් අතර ගැටුම් නිරතුරුව ඇති වේ. සිංහරාජයේ අලින් කිහිප දෙනෙකු වර්තමානයේ ද වාසය කරන අතර මිනිසුන් සමඟ ගැටීම් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
80 දශකයේදී පමණ තනි අලියෙකු සිංහරාජයේ සැරිසරනු ලැබූ බව සිංහරාජය අවට ගම්මානවල බොහෝ දෙනෙකු පවසයි. තනි අලියෙකු වුවද කිසිම මිනිසෙකුට කරදයක් එම අලියාගෙන් සිදු නොවූ බව ඔවුන් පවසයි. වනාන්තරය තුළ මෙන්ම වනය ආශ්‍රිත මාර්ග වල මෙන්ම ගම්මාන වලද මෙම අලියා නිරතුරුව සැරිසරා ඇත. පසු කාලීනව එම අලියා මිනිසුන් විසින් දොඹගොඩ යනුවෙන් හදුන්වන ප්‍රදේශයේදී මරා දමා තිබු බවත් ඔවුන් පවසයි.
No comments:
Post a Comment