Wednesday, January 31, 2018

බ්‍රාහ්මණ ඇල්ල


          ලංකාගම ග්‍රාමයේ හැරියාව දොළ ආශ්‍රිතව දිය ඇලි පහක් දැකගත හැකිය. ඉන් ප්‍රථමයෙන් දැකගත හැකි වන්නේ බ්‍රාහ්මණ ඇල්ලයි. මෙම දිය ඇල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳව රසවත් කතාවක් ඇත.

          ගිංගඟෙහි නිධන්ගල්පොත්ත නම් ස්ථානයේ නිධානයක් ඇතිබව නිධන්වඳුලකින් දැන ගත් ඉන්දියාවේ බ්‍රාහ්මණයෙකු එම නිධානය ලබා ගැනීමේ අරමුණින් මෙරටට පැමිණ ඇත. එම නිධානය ලබා ගැනීම සඳහා තුන්කුළුඳුල් බිල්ලක් අවශ්‍ය වූ බැවින් එම ප්‍රදේශයේම සුදුසු තරුණියක් හා විවාහ වූ බ්‍රාහ්මණයාට එම විවාහයෙන් පිරිමි ළමයෙකු ලැබී ඇත. කුඩා අවධියේ සිටම දරුවාට පිහිනීමට ඉගැන්වූ බ්‍රාහ්මණය සුදුසු කාලය පැමිණි විට දරුවාද සමඟ නිධානය ගැනීමට උත්සහ කර ඇත. නිධන් ගල්පොත්තේ සිට බ්‍රාහ්මණයා විසින් පුදපුජා පවත්වන විට රන්පුහුල දියෙන් මතු වූ අතර පිහිනා ගොස් රන්පුහුල කඩාගෙන ආ දරුවාගේ හිස කපා දමා බිලි පුජාව අවසන් කර ඇත. පසුව රන් පුහුලද රැගෙන එවකට සිංහරාජය ආශ්‍රිතව තිබු මුකුණන නම් ග්‍රාමයට පැමිණි බ්‍රාහ්මණයා එහි නිවසක නවාතැන් ගෙන ඇත. මෙම බ්‍රාහ්මණයා ළඟ වටිනා යමක් ඇතැයි සැක කළ නිවැසියා බ්‍රාහ්මණයා මරා ඇල්ලෙන් පහළට දමා රන්පුහුල ගත් බව මෙම ජනප්‍රවාද වල කියවේ.

          මෙම අතිඅලංකාර දිය ඇල්ලට බ්‍රාහ්මණ ඇල්ල යන නම ලැබී ඇත්තේ මෙම ජනප්‍රවාදය පදනම් කොටගෙනය.

No comments:

Post a Comment

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...