Friday, January 12, 2018

සිංහරාජයෙන් ලැබෙන ආහාර 3

බෙරලිය

          බෙරලිය සෑදෙන්නේ වසර කිහිපයකට වරකි. එමඟින් විවධ ආහාර වර්ග සකස් කර ගනියි. ඒ අතර ව්‍යංජන, පිට්ටු, වැලිතලප හා හැලප වේ. බෙරලිය සකස් කරන විට පොත්තඉවත් කර  කහට ගතිය ඉවත්වන තුරු දින කිහිපයක් ජල බඳුනක තැබිය යුතුය. විටින් විට ජලය ඉවත්කර අලුතින් ජලය එක් කළ යුතු වේ.



තොලොල්

          වසරකට වරක් ඵල හට ගනියි. රවුම් කහ පැහැති ඵලයක් හට ගන්නා අතර එහි බීජ දෙකක් හෝ තුනක් ඇත. ගස් යටින් එකතු කර ගෙන ආහාරයට සකස් කර ගනියි. පොත්ත ඉවත්කර බීජ හොඳින් සෝදා වතුර දමා ලිප තබා හොදින් රත් කර ගත යුතුය. ගිරය භාවිතා කර බීජ දෙකට පළා මදය ඉවත් කර ගනියි. තිත්ත ඉවත් වන තෙක් රෙදි උරයක දමා බැසගෙන යන ජලයෙහි පැය කිහිපයක් තැබිය යුතුය. ලුණු කුඩු හා පොල් සමඟ ආහාරයට ගත හැකි අතර හිරු එළියෙන් වේලා පැණි එක් කර මෙන්ම කජු ව්‍යංජනය ලෙස ව්‍යංජන සකස් කර ද ආහාරයට ගත හැකිය.


හල්

          තරමක් විශාලය. ඉතාම ඝන පොත්තකින් ආවරණය වී ඇත. බොහෝ විට ජලමාර්ග ආසන්නයේ වැඩෙයි. පොත්ත ඉවත්කොට කුඩා කැබලිවලට කපාගෙන ඉන්පසු එහි තිත්ත ඉවත්වන තෙක් ජලයෙහි තැබිය යුතුය. මෙසේ සකස් කර ගනු ලබන හල් වලින් හැලප, පිට්ටු හා වැලිතලප සකස් කර ආහාරයට ගනියි.

No comments:

Post a Comment

ගල් ඔරුව

                     ගල් ඔරුව දිය ඇල්ල ඉහළ සිට පහළට කඩා වැටෙන දිය ඇල්ලක් නොවෙයි. එය එකිනෙකට ඉතාමත් ලංව පිහිටා ඇති පර්වත දෙකක් අතරින් ඉතා වේ...